කැස්ස, උණ, සෙම්ප්රතිෂ්යාව නොමැතිව සිටි ඇය රාත්‍රී සිය මවගෙන් වතුර වීදුරුවක් ඉල්ලාගෙන පානය කළ සැණින් ඇදවැටිලා
ඇඹිලිපිටිය ප්‍රදේශයේ කිසිදු රෝගී තත්ත්වයක් නොමැතිව සිටි 26 හැවිරිදි අවිවාහක තරුණියක් පෙරේදා (01දා) රාත්‍රී නිවසේ ඇදවැටී මියගොස් ඇත.
මෙසේ මියගොස් ඇත්තේ ඇඹිලිපිටිය හිඟුරආර සඟබෝ මාවතේ පදිංචිව සිටි එම්. වී. මධුශානි (26) නමැති පෞද්ගලික ආයතනයක සේවය කළ තරුණියකි.
මියගිය තරුණියගේ මෘතදේහය ඇඹිලිපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත. ඇයගේ මරණය සම්බන්ධයෙන් ඇඹිලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී සමන්තා රාමචන්ද්‍ර මහත්මියගෙන් විමසූ විට කියා සිටියේ කැස්ස, උණ, සෙම්ප්රතිෂ්යාව නොමැතිව සිටි ඇය රාත්‍රී සිය මවගෙන් වතුර වීදුරුවක් ඉල්ලාගෙන පානය කළ සැණින් ඇදවැටුණු බව මව විසින් රෝහලට ප්‍රකාශකර ඇති බවයි.
එමෙන්ම ඇයගේ සිරුර භාරදීමට පෙර පීසීආර් පරීක්ෂණයක් සහ මහෙස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකිරීමට කටයුතු කරන බවද වෛද්‍ය අධිකාරිවරිය පැවැසුවාය.






