කොළඹ, බම්බලපිටිය, මිලාගිරිය පටුමගේ රාත්රී සමාජ ශාලාවක නිරෝධායන නීති නොතකා සාදයක් පැවැත් වූ 25 දෙනෙකු අත්අඩංගුවට ගන්නට පිටකොටුව පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සමත් වුණා.
අදාල රාත්රී සමාජ ශාලාවේ සාදයක් සඳහා සූදානමින් සිටි පිරිසක් පිළිබඳ ලද තොරතුරක් මත පිට කොටුව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් එහි ගොස් මෙම වැටලීම සිදුකළා.
අදාල වැටලීමේදී මෙම සාදයට එක්වන්නට පැමිණ සිටි කාන්තාවන් 07දෙනකු ඇතුළු පුද්ගලයින් 25 දෙනෙකු අත්අඩංගුවට ගනු ලැබුවා.
මොවුන් හට නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට නියමිතයි.
පසුගිය සිකුරාදා එළිදැක්වූ කොවිඩ් 19 නව මාර්ගෝපදේශ යටතේය සාද සහ ප්රියසම්භාෂණ පැවැත්වීම සපුරා තහනම් වනවා.






