Press "Enter" to skip to content

දක්ෂිණ අධිවේගයේ පිවිසුම් 04ක සේවකයින් පිරිසකට කොරෝනා

මත්තල සිට කටුනායක දක්වා ගමන් ගන්නා සියළුම රථ වාහන අද කහතුඩුව පිවිසුමෙන් පිටත් කර යැවෙන බව දක්ෂිණ අධිවේගී මාර්ගයේ පාලක මැදිරිය ප්‍රකාශ කළා.

ඊට හේතු වී ඇත්තේ කොට්ටාව, අතුරුගිරිය, කොතලාවල සහ කඩුවෙල යන පිවිසුම්වල සේවකයින් කිහිප දෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබීමයි.

ඒ අනුව කහතුඩුව පිටවීමෙන් මුදල් ගෙවා රියදුරන්ට රථ වාහන පිටතට දැමිය යුතු අතර ඉන් ඉදිරි පිටවීමකින් වාහන ඉවතට ගැනීමට අපේක්ෂා කරන රියදුරන්ට යළි කහතුඩුවෙන් අධිවේගී මාර්ගයට පිවිස ගමන් කළ හැකියි.

ඒ අනුව ගෙවීම් කවුළු විවෘතව පවතින ස්ථානවලදී පමණක් රියදුරන්ට මුදල් ගෙවීම් කළ හැකි අතර අනෙකුත් පිටවීමේ ස්ථානවලදී මුදල් ගෙවීමක් සිදුනොකර පිටව යා හැකියි.

More from GossipMore posts in Gossip »