Press "Enter" to skip to content

තම මියගිය මව අසල දින දෙකක් බඩගින්නෙ සිටි මාස 18ක් වයසැති බිළිඳෙක්

ඉන්දියාවේ මහාරාෂ්ට්‍රයේ පූනේ අසල ඔවුන්ගේ නිවස තුළ දින දෙකක් මියගොස් සිටි මවකගේ සිරුර අසල ළදරුවෙකු හමුවිය.

කොවිඩ්ට බියෙන් කිසිවෙකු මෙම පවුල බැලීමට පැමිණ නැති අතර දුර්ගන්ධයක් නිසා ඉඩම් හිමියා පිම්ප්‍රි චින්ච්වාඩ් හි පිහිටි නිවසට පොලිසිය කැඳවීමට තීරණය කර තිබෙනවා.

සඳුදා පොලිසිය නිවසට කඩා වැදුණු අතර කාන්තාවගේ සිරුර සහ ඇය අසල සිටි ළදරුවා සොයා ගන්නා ලදී. මෙම කාන්තාව සෙනසුරාදා මියගොස් ඇති බවට සැක කෙරේ, එයින් අදහස් වන්නේ මාස 18 ක් වයසැති ඇය ආහාර හෝ ජලය නොමැතිව සිට ඇති බවයි.

අසල්වැසියන් දරුවා අල්ලාගෙන සිටීමෙන් වැළකී සිටියද, පොලිස් කොස්තාපල්වරියන් වන සුෂිලා ගබාලේ සහ රේඛා වේස් ළඳරුවා භාරගෙන පෝෂණය කිරීමට ඉදිරිපත් වී තිබෙනවා.

More from GossipMore posts in Gossip »