Press "Enter" to skip to content

බලපිටිය රෝහලේ වෛද්‍යවරු ඇතුළු 09ක් ආසාදිතයි

බලපිටිය මූලික රෝහලේ 09 දෙනෙකු කොවිඩ් ආසාදනය වී ඇතැයි හඳුනාගෙන ඇති අතර ඔවුන් වෛද්‍යවරු ඇතුළු හෙද හා කනිෂ්ඨ කාර්ය මණ්ඩල සාමාජික පිරිසකි.

එබැවින් කාර්ය මණ්ඩලයේ 20 දෙනෙකු නිරෝධායනය සඳහා යොමු කර ඇතැයි බලපිටිය රෝහල සඳහන් කරයි.

තවද රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි පුද්ගලයින් 10 දෙනෙකුටත් වෛරසය ආසාදනය වී ඇත.

සෞඛ්‍ය අංශ සඳහන් කරන පරිදි ගතවූ පැය 24 තුළ ගාල්ල නගරය ආශ්‍රිතව ආසාදිතයින් 12ක්, හබරාදූවෙන් 15ක්,ඇල්පිටියෙන් 11ක්, ඉමදූව හා නියාගම ප්‍රදේශවලින් ආසාදිතයින් 10ක් හඳුනා ගෙන තිබේ.

More from GossipMore posts in Gossip »