Press "Enter" to skip to content

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කරයි

පිළියන්දල පොලිස් බලප්‍රදේශයට පනවා තිබූ හුදකලා තත්ත්වය සංශෝධනය කර තිබේ.

ඒ අනුව එහි හුදකලා බව ඉවත් කර, හෙට උදෑසන 5 සිට ග්‍රාම නිලධාරී වසම් 10ක් පමණක් හුදකලා කර තිබේ.

එසේම, මහරගම පොලිස් බලප්‍රදේශයේ එක් ග්‍රාමසේවා වසමක් ද හුදකලා කර ඇත.

යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට උදෑසන 5 සිට එම ප්‍රදේශය ද හුදකලා කෙරෙන බවය.

පිළියන්දල පොලිස් බලප්‍රදේශයේ හුදකලා කර ඇති ග්‍රාම නිලධාරී වසම්,

දම්පේ

බටකැත්තර උතුර

කැස්බෑව දකුණ

පැළැන්වත්ත නැගෙනහිර

මාකන්දන නැගෙනහිර

මාවිත්තර උතුර

මඩපාත

මහරගම පොලිස් බල ප්‍රදේශයේ ඇරැව්වවල උතුර