Press "Enter" to skip to content

පෙණහැල්ල රකින්න කරාපිටිය ‍ෙදාස්තරලාගෙන් හෙළ ඔසු කරලක්

පැණියක් නිසා සැක සංකාවෙන් බලන සමාජයකට මේ වගේ පණිවුඩයක් ලබාදීම ඉතාම අසීරුයි

තුන්වැනි රැල්ලේ කොරෝනා අවදානම දැන් දැන් අපේ නිවෙස අද්දරටම ඇවිත්.

වෙනදාටත් වඩා වැඩි බලපෑමකින් පැතිරී යන නව කොරෝනා වසංගතය ඉදිරියේ අපේ පරිස්සම ඉතා වැදගත්.

මේ කාරණය මතක් කරමින් අපි ඔබට කියන්නට හදන්නේ කොරෝනා ම¾ඩින්නට, දුරු කරන්නට හැදූ අමුතුම විදිහේ ඔෟෂධයක් ගැනයි. මේ ඔෟෂධයේ එහෙමත් නැත්නම් මේ බෙහෙත් කරල හැදූ ගෞරවය හිමි වන්නේ වෛද්‍ය සම්පත් ගුණවර්ධන ඇතුළු කණ්ඩායමකට. එහි ඇති අනිත් සැලකිය යුතුම විශේෂත්වය තමයි ඒ කරලට උපයෝගි කරගත් සියලු දේ ආයුර්වේද විද්‍යාවට අනුකූල වීම.

පැණියක් නිසා සැක සංකාවෙන් බලන සමාජයකට මේ වගේ පණිවුඩයක් ලබාදීම ඉතාම අසීරුයි. ඒත් අපි මේ දේශීය වට්ටෝරුවකින්් නිපැයූ කරල ගැන අහන්නට වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතාව හමු වුණා. ඔහු දැනට ගාල්ල කරාපිටිය රෝහලේ මානසික රෝගී අංශයේ රාජකාරි කරනවා.

“ඇත්තටම මේක මේ හදිසියේ නිපැයූ ටැබ්ලට් එකක් නෙමෙයි. අපි පර්යේෂණ ගණනාවක් කරල කාලයත් අරගෙන හැදූ එකක්.

මේ ටැබ්ලට් එක හදන්න දැනට රසායන විද්‍යාව පිළිබඳ ආචාර්යවරයෙක් වන මගේ වැඩිමහල් සහෝදරයා නන්ද ගුණවර්ධන වගේම වෛද්‍ය රුවන් සංජීව, වෛද්‍ය කාන්තිකා විජේසේකර එකතු වුණා.”

වෛද්‍ය සම්පත් අපේ කතා බහට එකතු වුණේ ඔන්න ඔය විදිහට.

“මේ ටැබ්ලට් එක හදන මුල් අඩිතාලම අපේ හිත්වලට ඇතුළු වුණේ ඇමෙරිකාවේදී ලද අත්දැකීමක්. අපි එහිදී දැක්ක පිළිකා රෝගීන්ට, පිළිකා නසන්න දෙන එන්නත් කරන ඔෟෂධයක්. මේ ඔෟෂධය ඔවුන් හදලා තිබුණේ

ශාකසාරවලින්. එතැනදී තමයි අපි කල්පනා කළේ. අපේ තිබෙන ශාකසාරවලින් ඔවුන් ඔෟෂධ හදද්දී අපි නිකම් ඉන්න එක ගැන ලැජ්ජා වෙන්න ඕන කියලා. ඒ අනුව තමයි මේ ඔෟෂධය පෙණහැල්ලට උත්තේජනයක් දෙන පෙණහැල්ල ආරක්‍ෂා කරන ටැබ්ලට් එකක් විදිහට නිෂ්පාදනය කළේ.

බටහිර වෛද්‍ය කණ්ඩායමක්, එහෙමත් නැත්නම් ඒ විෂය ගැන හසළ දැනුමක් තිබෙන කීප දෙනෙක් මේ විදිහට දේශීය ඔෟෂධ යොදාගෙන ටැබ්ලට් හදන එක පුදුම සහගත දෙයක්. මොකද අතිමහත් බටහිර වෛද්‍යවරු දේශීය බෙහෙත් හේත් ගැන එතරම් කතා කරන්නේ නැහැ. මේ ගැනත් අපි වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතාට මතක් කළා.

“ඔව්. ඒක ඇත්තක්. ඒත් ඒ ඇත්තට වඩා අපි දැන් ඇති වී තිබෙන ප්‍රශ්නයට විසඳුමක් හොයන්න වෙහෙස මහන්සි වුණා. ඔබ දන්නවා, කොරෝනා රෝගයත් එක්ක වැඩි බලපෑමක් ඇති වෙන්නේ පෙණහැල්ලට. අපි ඒ වෙනුවෙන් තමයි මේ ටැබ්ලට් එක හැදුවේ. ඒ බෙහෙත් වට්ටෝරුවට මදුරුතලා, කොත්තමල්ලි, ආඩතෝඩා, වදකහ, ඉඟුරු, සුදුලූනු අඩංගුයි.

ඇත්තටම මේ ඔෟෂධය හදලා අපි ඒක අත්හදා බලන්න කොරෝනා රෝග ආශි්‍රතයන් 1000කට පමණ ලබාදී ප්‍රතිඵල විමසා බැලුවා. ඊළඟට කොරෝනා රෝගීන් 200කට පමණක් මේ ටැබ්ලට් එක දීලා ප්‍රතිඵල විමසා බැලුවා. ඒ හැම ප්‍රතිඵලයක්ම සාර්ථකයි.

“ඊළඟට අපි ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවට, ස්වාධීන රූපවාහිනි ආයතනයට තිස්සමහාරාම පොලිසියට, විහාරස්ථාන කිහිපයකට වගේ තවත් තැන් කිහිපයකට මේ ටැබ්ලට් එක ලබාදී බැලුවා. ඇත්තටම යහපත් ප්‍රතිචාර තිබෙනවා.”

වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා ඇතුළු පිරිස එකතු වී හැදූ මේ ටැබ්ලට් එක ආයුර්වේද ඔෟෂධයක් විදිහට හඳුන්වා දෙන්න මුලදී හිතුවත් පසුව ඒ අදහස ඔවුන් අත්හැර දමලා. ඒකට හේතුව ධම්මික පැණියත් සමඟ අපේ රටේ ජන සමාජය තුළ පමණක් නොව විදෙස් රටවල ප්‍රවෘත්ති නාළිකාවල ඒ පැණිය මතභේදයට හාස්‍යයට ලක් වූ කරුණක් බවට පත් වූ නිසා.

‘අපිට මේ තත්ත්වය ගොඩාක් දුරට බලපෑවා. ඒ නිසාම විශේෂ ජනමාධ්‍ය අවධානයක් දිනා ගැනීමට හෝ රජයේ අවධානය දිනාගැනීමට වැඩපිළිවෙළක් සැකසීම අප විසින්ම අත්හැර දැමුවා. දැන් ඔබට වුණත් මේ කරුණු කියන්නේ විමසීමක් කළ නිසාමයි.

“නමුත් අපි මේ ටැබ්ලට් එක විදෙස් රටවලට පවා දැන් බෙදා හරින වැඩපිළිවෙළක් හැදුවා. ඒ වෙනුවෙන් පෞද්ගලික සමාගමක සේවය අපි ලබාගත්තා. මොකද නිෂ්පාදන වියදම අපිට දරන්න බැහැ. මොකද මමවත් මගේ බිරියවත් පෞද්ගලික රෝහල්වල කවදාවත් සේවය කරලා නැහැ. චැනල් සේවාවල වැඩ කරලා නැහැ. ඉතින් ලොකුවට මුදල් නැහැ. “වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා සිනාසෙමින් කියනවා.

“ඒත් අපිට මේ ටැබ්ලට් එක අපේ රටේ කොරෝනා රෝගීන්ටත්, ඒ ආශි්‍රතයන්ටත් ලබා දීමේ වුවමනාව තිබෙනවා. ඒකට උදවු ලැබුණොත් ඇති.

මේ ආකාරයට නිෂ්පාදනය වී ඇති දේශීය ඔෟෂධ ඇතුළත් මේ ටැබ්ලට් එකට අපේ රටේ ආහාර පනත යටතේ පුරවැසියන්ට ලබා දීමේ අවසරයක් වගකිව යුතු අංශවලින් ලැබී තිබෙනවා. ඒ ගැනත් වෛද්‍ය සම්පත් කතා කළා.

“ ලංකාවේ වෛද්‍ය ඉතිහාසය දිහාට හැරිලා බැලුවොත් අපේ රටේ කවදාවත් බටහිර ඔෟෂධයක් හදලා නැහැ. මේ නිසාම අපි හැමදාමත් බිලියන ගණන් පිටරටට යවලා ඔෟෂධ ගෙන්වනවා. ඇත්තටම මේක ශෝචනීය තත්ත්වයක්. මේ නිසාම බටහිර වෛද්‍ය ක්‍ෂේත්‍රය නියෝජනය කරන අපට ඔෟෂධයක් නිර්මාණය කරලා ඒක ශ්‍රී ලංකා නිෂ්පාදනයක් විදිහට ඉදිරිපත් කිරීමේ හා බෙදා හැරීමේ ගැටලු රාශියක් පැනනැඟී තිබෙනවා.”

“මේ තත්ත්වය අපි වෙනස් කළ යුතුයි. දැන්වත් අපි අපේ රටේ දේවල් පිටරටට යවන්න වැඩපිළිවෙළක් සැකසිය යුතුයි.”

අපි මුලදිම කිව්වා වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතාගේ සොයුරු රසායන විද්‍යාව පිළිබඳව ආචාර්ය වගේම දැනට ශ්‍රී ලංකා තාක්‍ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂවරයකු වන නන්ද ගුණවර්ධන මහතා ගැන. ඔහු මේ විෂය ගැන හසළ බුද්ධියක් ඇති උගතෙක්. ඒ විතරක් නෙවෙයි රටවල් ගණනාවකට ගොස් මේ සම්බන්ධව හැදෑරූ හා ඒ විෂය පිළිබඳව කරුණු කාරණා දැනගත් නැණවතෙක්. ඉතින් ඔහු තමන්ගේ සොහොයුරා හා තවත් වෛද්‍යවරු කිහිපපොළක් සමඟ එකතුවී දේශීය ඔෟෂධ වට්ටෝරුවක් උපයෝගි කරගනිමින් නිකම්ම නිකම් බෙහෙත් කරලක්්, එහෙමත් නැත්නම් ටැබ්ලට් එකක් හදන්නේ නැහැ. නිපදවන්න උත්සාහ ගන්නේ නැහැ.”

“ඇත්තටම මේ මොහොතෙත් අපි සැලකිය යුතු ටැබ්ලට් ප්‍රමාණයක් නිෂ්පාදනය කරමින් යනවා. ඒ මේ වෙලාවේ කොරෝනා රෝගීන්ට ඒ ඔෟෂධ ලබා දෙන එක හොඳයි කියලා හිතුණු නිසා.

වෛද්‍ය සම්පත් ගුණවර්ධන මහතා සඳහන් කරන්නේ මේ බෙහෙත් කරල එහෙමත් නැත්නම් ටැබ්ලට් එක උදේ හවස දින 4 ක් ලබා ගැනීමෙන් යහපත් ප්‍රතිඵල අත්වන බවයි.

“කොරෝනා රෝගීන් මුහුණ දෙන ප්‍රධානම ගැටලුව තමයි හුස්ම ගැනීමේ අපහසුතාව ඇති වීම. ඒ අපහසුතාවට තමයි මේ බෙහෙත් කරලින් සහනයක් ලැබෙන්නේ. අපි ඒ සුවය තමයි ලබා දෙන්නේ.

“ ඒ වගේම තවත් එක දෙයක් අවසන් වශයෙන් කියන්න ඕනෑ. අපි ප්‍රසිද්ධිය හෝ මුදල් හොයන පරමාර්ථයෙන් නෙමෙයි මේ ඔෟෂධය හැදුවේ. අපේ දේශීය ඔෟෂධවලින් ලෝකයම මවිත කරන ඔෟෂධ හදන්න පුළුවන් කියන පණිවුඩය දෙන්න ඕන නිසයි.

“කාලයක් තිස්සේ අපි මේ විදිහට තවත් ඔෟෂධ වර්ග 160ක පමණ පර්යේෂණ කළා. ඒවා තවමත් කරනවා. ඒ හැම එකක්ම දේශීය ඔෟෂධ වට්ටෝරුවලින් තමයි නිපදවන්න සැලසුම් කළේ.

ඉදිරියටත් ඒවා කරනවා.”

More from GossipMore posts in Gossip »