Press "Enter" to skip to content

තවත් ඇඟළුම් කර්මාන්ත ශාලාවක් වසා දමයි

ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ඇඟළුම් කර්මාන්ත ශාලාවකින් කොවිඩ් ආසාදිතයින් හදුනාගැනීමත් සමග එම කම්හල තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ගලෙන්බිඳුණුවැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සරසි දිල්හාර මහත්මිය පැවසුවේ අදාළ කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් 11දෙනෙකු කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවයි.

එම ඇඟළුම් කර්මාන්ත ශාලාවේ සේවක සේවිකාවන් විසිදෙනෙකු පමණ අහඹු ලෙස තෝරාගෙන සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ ජනක පරීක්ෂාවකදී මෙම ආසාදිතයින් 11දෙනා හදුනාගෙන තිබේ.

ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සෙවීමේ කටයුතු මේ වන ආරම්භ කර ඇති අතර, එම ඇඟළුම් කම්හල ද දින 14කට වසා දැමීමට උපදෙස් දී ඇත.

More from GossipMore posts in Gossip »