පාසල් ශිෂ්‍යයා, ශිෂ්‍යාවගේ නිවසේ කිසිවකු නොමැති අවස්ථාවක පැමිණ ශිෂ්‍යාව පැහැර ගෙන ගොස්
මුලතිව් ප‍්‍රදේශයේ වයස අවුරුදු 12 ක පාසල් ශිෂ්‍යාවක් පැහැරගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් වයස 18 ක පාසල් සිසුවකු පෙරේදා (28 දා* මුලතිව් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
මේ දෙදෙනාම පාසල් පෙම්වතුන් වන අතර එම සම්බන්ධය ශිෂ්‍යාවගේ නිවසට ආරංචි වීම නිසා ශිෂ්‍යාවට දෙමව්පියන් පහර දී තරයේ අවවාද කොට තිබේ.
ඒ බව දැනගත් පාසල් ශිෂ්‍යයා, ශිෂ්‍යාවගේ නිවසේ කිසිවකු නොමැති අවස්ථාවක පැමිණ ශිෂ්‍යාව පැහැර ගෙන ගොස් තිබේ.
මේ සම්බන්ධයෙන් ශිෂ්‍යාවගේ දෙමව්පියන් මුලතිව් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැක කටයුතු සිසුවා අත්අඩංගුවට ගෙන පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
පොලිසිය විසින් ශිෂ්‍යාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මුලතිව් රෝහලට ඇතුළත් කොට ඇති අතර ඇයගෙන් ප‍්‍රකාශයක්ද සටහන් කරගෙන තිබේ.






