Press "Enter" to skip to content

චීන ආරක්ෂක ඇමතිට හෝන් ගැසූ අයට වැඩ වැරදෙයි

චීන ආරක්ෂක අමාත්‍යවරයා ගුවන් තොටුපොළේ සිට කොළඹ දක්වා ගමන් කිරීමේ දී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට බාධාවන අයුරින් කටයුතු කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

බොරැල්ල ප්‍රදේශයේ දී අදාළ රථ පෙළට ගමන් කිරීම සඳහා පසුගිය 27 වනදා රාත්‍රියේ මාර්ග කිහිපයක රථ ගමනාගමනය කෙටි කාලයක් සඳහා අත්හිටුවීමට පොලීසිය පියවර ගෙන තිබුණි.

එහිදී පුද්ගලයෙකු අනෙක් රථ වාහන රියදුරන් පොලීසියට විරෝධතා දැක්වීම සඳහා පොළඹවමින් ඒ පිළිබඳ විඩියෝ පටයක් ද සමාජ මාධ්‍ය වෙත යොමුකර තිබු බව පොලීසිය සඳහන් කර ඇත.

අත්අඩංගුවට ගත් 32 හැවිරිදි එම පුද්ගලයා බත්තරමුල්ල පැලවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවකු වන අතර අද (30) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇත.

More from GossipMore posts in Gossip »