Press "Enter" to skip to content

”කොවිඩ්-19 රෝගීන් ගෙවල්වල තියලා”: GMOA කොවිඩ් පාලන අමාත්‍යංශයට දෙහි කපයි

“කොරෝනා සම්බන්ධයෙන් අමාත්‍යංශයක් පවතින එක ම රට ශ්‍රී ලංකාව” වුවත් කොරෝනා පාලන අමාත්‍යංශය රෝහල් ධාරිතාව වැඩි කිරීමට ගෙන ඇති පියවර මොනවා ද? යනුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ප්‍රශ්න කරයි.

කොවිඩ්-19 රෝගීන් වෙනුවෙන් රජය ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔහු චෝදනා එල්ල කළේය.

“රටේ කොරෝනා සම්බන්ධව ඇමතිවරියක් ඉන්නවා. කොරෝනා සම්බන්ධව අමාත්‍යංශයක් තියෙනවා. ලෝකේ මං දන්නෙ නෑ කොරෝනා සම්බන්ධව ඇමතිවරු, අමාත්‍යංශ, ලේකම්වරු ඉන්න එක ම රට. එතකොට අපි අහනවා, කොරෝනා සම්බන්ධ අමාත්‍යංශය ICU ධාරිතාව වැඩි කරන්න මොනව ද කරල තියෙන්නෙ? රෝහල් ධාරිතාව වැඩි කරන්න මොනව ද කරල තියෙන්නෙ?”

මේ අතර කොරෝනා ආසාදිතයින් ලෙස තහවුරු වූ රෝගීන් රෝහල් හෝ අතර මැදි මධ්‍යස්ථාන කරා රැගෙන යාමට නොහැකි වී ඇති තත්ත්වක් මතුව ඇතැයි ද වෛද්‍ය නවීන් ද සොයිසා මහතා පැවසීය.

“රෝහල්වල ඇඳන් ධාරිතාව ඉතා ම අඩු මට්ටමක තියෙන්නෙ. රෝහල්වල දැඩි සත්කාර ඒකක බින්දුවට ආසන්න අගයක තමයි මේ වෙලාවෙ පිරිල තියෙන ප්‍රමාණයත් එක්ක තවත් ICU ඇඳන් තියෙනවා ද? කියන තත්ත්වයකට පත්වෙමින් තියෙන්නේ.”

“පීසීආර් කිරීමේ ධාරිතාව මෙච්චරයි කියල කියන ගමන් ම හෙට දිනයේදී පීසීආර් කරන ධාරිතාව මොකක් ද? මේ කාරණය ගැන කතා කරද්දි මේ සත්‍ය තොරතුරු ද එළියට දෙන්නෙ? ඒ වගේ ම රෝහල්වල ඕන තරම් ඇඳන් තියෙනව කිව්වට අපි දන්නවා, ස්ථාන ගණනාවක මේ වෙනකොට රෝගීන් ලෙස තහවුරු වූ අය රෝහල් කරා හෝ අතර මැදි මධ්‍යස්ථාන කරා හෝ ‌ගෙන යාමට හැකියාවක් නොමැතිව ගෙවල්වල ඉන්නවා.”

More from GossipMore posts in Gossip »