ගම්පහ මිරිස්වත්ත ප්‍රදේශයේ තාවකාලික නවාතැනක සිටින සිවු දෙනෙක් කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනා ගැනීමත් සමග නවාතැන්ගෙන සිටි ස්ථානයෙන් ඉවත් කර තිබෙන සිද්ධියක් වාර්තා වේ.
නවාතැන්පොළෙන් ඉවත් කෙරුණු ආසාදිතයින් දෙදෙනෙකු පිටත්ව ගොස් ඇති අතර අනිත් දෙදෙනාට යාමට තැනක් නොමැතිව තමගේ වාහනවල නැග නවාතැන්පොළ ඉදිරිපිට සිට ඇත.
එම ආසාදිතයින් දෙදෙනා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ මැදිහත්වීමෙන් රෝහල්ගත කිරීමට පියවර ගෙන ඇත.
ඔවුන් සිව්දෙනා ප්‍රධාන පෙළේ මූල්‍ය ආයතනයක සේවය කරන සේවකයින් වන අතර රෝහල් ගත කළ ආසාදිතයින් දෙදෙනා අනුරාධපුර ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර පිටත්ව ගිය දෙදෙනා සොයා ගැනීමට හැකියාවක් ලැබී නොමැති බව වාර්තා වේ.






