Press "Enter" to skip to content

බේරුවලින් තවත් ආසාදිතයන් 14ක්

බේරුවල ප්‍රාදේශ සභාවට අයත් පාදාගොඩ මාලේ වන් බද්ද උප කාර්යාල පරිශ්‍රයේ අද (30දා) පුද්ගලයන් අනූ පස්දෙනකු වෙනුවෙන් සිදුකළ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂාවකින් එම ප්‍රාදේශීය සභා උප කාර්යාලයේ නිලධාරිනියක් ඇතුළු 14 දෙනකු එම අවස්ථාවේදීම කොරෝනා ආසාදිත වූ බව තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

පාදාගොඩ ප්‍රදේශයේ අවට ගම්මාන කිහිපයකින් කොරෝනා ආසාදිතයින් හමු වීමත් සමග මෙම පරීක්ෂණය සිදු කළ බව ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ කොව්ඩ්19 පැතිරයාම වැළැක්වීම ඒකකයේ සම්බන්ධීකාරක වෛද්‍ය තුෂාර වාස් ගුණවර්ධන මහතා සඳහන් කළහ .

බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ,අලුත්ගම පොලිසියේ කොවිඩ් පැතිරයාම වැළැක්වීමේ ඒකකයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් මෙම පරීක්ෂණ සිදුකළ අතර බේරුවල ප්‍රාදේශීය සභාවේ පාදාගොඩ මාලේ වන් බද්ද උප කාර්යාලයේ නිලධාරිනියක කොව්ඩ්19 වැළඳීම හේතුවෙන් එම කාර්යාලය ද වසා දැමීමට කටයුතු කළ බව එහි සිටි පොලිස් නිලධාරියා පැවැසීය .

More from GossipMore posts in Gossip »