පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ ගොරකපිටිය, නාම්පමුණුව, පැලැන්වත්ත බටහිර, සහ ඇරැව්වල උතුර ග්‍රාම නිලධාරී වසම්වල කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය බලධාරීන් පවසයි.
මේ අතර, පිළියන්දල සෞඛ්‍ය නිලධාරී බලප්‍රදේශයේ පසුගියදා සිදුකළ PCR පරීක්ෂණ 610ක් අතුරින් රෝගීන් 122ක් හඳුනාගැනුණු අතර ඔවුන් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බව පිළීයන්දල සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසුවේය.
ඔහු පැවසුවේ එකම පවුල්වල සාමාජිකයින් තුළ වෛරසය පැතිරීම වැඩිවී ඇති බවය. “450කට අධික පිරිසක් නිවෙස්වල නිරෝධායනයට යොමුකරලා තිබෙනවා”.






