මිණුවන්ගොඩ මාබෝදල, නාගහවත්ත ප්‍රදේශයේ නිවසක පැවැති අවුරුදු සාදයකට සහභාගි වූ පිරිසකගෙන් දස දෙනකු කොවිඞ් ආසාදිතයන් බවට පෙරේදා (27 දා) හඳුනාගත් බව නයිවල මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒ. ඒ. ආර්. පී. අමරසිංහ මහතා පැවසීය.
මිණුවන්ගොඩ, වල්පිටමුල්ල ප්‍රජා ශාලාවේ දී පෙරේදා (27 දා) එම අවුරුදු සාදයට සහභාගි වූ 24 දෙනකු ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට යොමුකළ බවත්, එම 24 දෙනාගෙන් 10 දෙනකු ආසාදිතයන් බවට හඳුනාගත් බවට හෙතෙම පැවසීය.
නයිවල ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවක රැුකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට ගිය තරුණියක්ව රැුකියාවට බඳවා ගැනීමට පෙර සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණයෙන් පසු එම තරුණිය කොවිඞ් ආසාදිතයෙක් බවට අනාවරණය වී තිබේ.
මහජන පරීක්ෂකවරුන් සිදු කළ පසු විපරමේදී එම ආසාදිත තරුණියට කොවිඞ් වෛරසය ආසාදනය වී ඇත්තේ අවුරුදු සාදයේදී බවට කරුණු අනාවරණය වීමෙන් අනතුරුව එම සාදයට සහභාගි වූ 24 දෙනකු මෙසේ ක්ෂණික ප්‍රතිදේහ පරීක්ෂණයට ලක් කර ඇත.
ආසාදිතයින් බවට හඳුනාගත් 10 දෙනා රෝහල් ගත කිරීමට කටයුතු කරන බවත්, නිරෝධායනයට ලක් කිරීම සඳහා ඔවුනගේ ආශ්‍රිතයන් සොයා ගැනීමට කටයුතු කරන බවත්, මේ සම්බන්ධව කළ විමසීමේ දී මිණුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අනුර රන්දෙණිය මහතා පැවසීය.






