Press "Enter" to skip to content

හුදෙකලා කිරීම් පෙර දැනුම්දීමකින් තොරව

කොවිඩ් ආසාදිතයන් වාර්තාවීමත් සමග පෙර කිසිදු දැනුම් දීමකින් තොරව පොලිස් වසම්, ග්‍රාමසේවා වසම් හුදෙකලා කිරීමට සිදුවන බව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ‘අරුණ’ට පැවැසීය.

එම තත්ත්වයට මුහුණදීම සඳහා ජනතාව සූදානම් විය යුතු බවද හෙතෙම පෙන්වා දුන්නේය.

මීට පෙර අවස්ථාවලදී කල්තියා දැනුම් දී හුදෙකලාවන් සිදුකළද මෙවර කොවිඩ් ව්‍යාප්තිය සමග කල් ලබාදීමකින් තොරව හුදෙකලා කිරීමට සිදුවන බවද හෙතෙම අවධාරණය කළේය. කෙසේ වුවත් රටම ලොක්ඩවුන් කිරීමේ බලාපොරොත්තුවක් නැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

More from GossipMore posts in Gossip »