Press "Enter" to skip to content

කොවිඩ් මරණ 6ක් – 37 හැවිරිදි කාන්තාවකුත් ඒ අතර

තවත් කොවිඩ් මරණ 6ක් වාර්තා වී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පවසයි.

ඒ අනුව, මෙරටින් මේ දක්වා වාර්තා වී ඇති කොවිඩ් මරණ ගණන 667ක් දක්වා ඉහළ ගොස් තිබේ.

බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි කාන්තාවක්, මහනුවර ප්‍රදේශයේ පදිංචිව සිටි 85 හැවිරිදි කාන්තාවක්, වත්තල ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි කාන්තාවක්, වැලිමඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 72 හැවිරිදි කාන්තාවක්, කළුතර ප්‍රදේශයේ පදිංචිව සිටි 77 හැවිරිදි පිරිමි පුද්ගලයෙක් සහ නාවලපිටිය ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි කාන්තාවක් එලෙස මියගොස් ඇත.