Press "Enter" to skip to content

අතවරයට සම්බන්ධ ක්‍රීඩකයා වරදකරු වෙයි

සිද්ධියට අදාළ ක්‍රිකට් ක්‍රීඩකයාව අවුරුද්දක් වෛද්‍යවරයෙකු යටතේ මනෝ උපදේශන සේවා සඳහා යොමුකරයි

මාතර පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළ බවට චෝදනා ලැබූ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වමත් පිතිකරු එම පරීක්ෂණයේදී වරදකරු බවට පත්ව තිබේ.

මේ පිළිබඳව සොයා බැලීම සඳහා ක්‍රිකට් ආයාතනය විසින් කමිටුවක් පත්කළ අතර එම කමිටුවේ අවසන් වාර්තාවෙන් ඔහු වරදකරු බවට පත්ව ඇත.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලන කමිටුව එම ක්‍රීඩකයාට දැඩි අවවාද කර තිබේ.

ඊට අමතරව වසරක කාලයක් සඳහා ඔහු ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය මගින් නම් කරන වෛද්‍යවරයෙකු යටතේ මනෝ උපදේශන සේවා සඳහාද යොමුකර තිබේ.

කමිටුව හෙළිකර ගත් කරුණු සහ නිර්දේශ මත එම ක්‍රීඩකයාට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පරිපාලන කමිටුව අවවාද කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත්කළ නිවේදනයක දැක්වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට අපකීර්තිය ගෙනෙන මෙන්ම අවංකත්වය, සදාචාරය, සාධාරණත්වය සහ ක්‍රීඩාශීලීත්වය උල්ලංඝනය වන කිසිම ක්‍රියාවක නොයෙදෙන ලෙසද ඔහුට අවවාද කිරීමට ක්‍රිකට් බලධාරීන් කටයුතු කර තිබේ.

More from GossipMore posts in Gossip »