Press "Enter" to skip to content

මහජන බැංකුවේ ශාඛා 17ක්:ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7ක් වසයි

පවතින ‘කොවිඩ් 19’ වසංගත තත්වය හමුවේ මහජන බැංකු ශාඛා 17 ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7 ක් ද අද (28) දිනයේ වසා තිබුණි.

මෙම හදිසි වසා දැමීම් පිළිබඳව මෙම බැංකු ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ගණුදෙනුකරුවන් වෙත දැන්වීය.

ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පැටිපොළ, කොළඹ දිස්ත්‍රික්කයේ කටුබැද්ද සහ සොයිසාපුර, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල, හම්බන්තොට සහ සයුරුපාය, මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාකඳුර, කොබෙයිගනේ, කටුපොත බොරලුවැව සහ පන්නල ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ සහ මොල්ලිපොතාන යන මහජන බැංකු ශාඛා මෙලෙස වසා ඇත.

ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පිටකොටුව, දෙහිවල, තලවතුගොඩ සහ බොරැල්ල, වැල්ලවාය, කුලියාපිටිය සහ දංකොටුව යන ශාඛාවන් ද ‘කොවිඩ් 19’ වසංගත තත්වය හමුවේ ඊයේ දිනයේ වසා තිබුණි.

More from GossipMore posts in Gossip »