Press "Enter" to skip to content

මිනුවන්ගොඩ මුව ආවරණ කර්මාන්ත ශාලාවේ 19 දෙනකුට කොරෝනා

කොවිඞ් වෛරසයෙන් ආරක්‍ෂාවීම සඳහා මුව ආවරණ නිෂ්පාදනය කරන මිනුවන්ගොඩ, යටියන පිහිටි කුඩා කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් 19 දෙනෙකු කොවිඞ් ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි මිනුවන්ගොඩ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අරුණ රන්දෙණිය මහතා ඊයේ (27 දා* පැවසීය.

එම කර්මාන්ත ශාලාවේ දිවා සහ රාති‍්‍ර වශයෙන් සේවා මුර දෙකකට සේවක සේවිකාවන් 40 දෙනෙකු පමණ සේවය කරන බවත් දිවා කාලයේ සේවය කරන සේවිකාවක් අසනීප තත්ත්වයට පත්වීමෙන් අනතුරුව සිදුකළ ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂාවේදී එම සේවිකාව ආසාදිතයකු බවට හඳුනාගැනීමෙන් අනතුරුව දිවා කාලයේ සේවය කළ සේවක සේවිකාවන් 20 දෙනෙකු ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණයට යොමු කිරීමෙන් අනතුරුව 19 දෙනෙකු ආසාදිතයන් ලෙස හඳුනාගත් බව හෙතෙම පැවැසීය.

රාති‍්‍ර වැඩමුරයේ සිටි සේවක සේවිකාවන් 20 දෙනාව ඊය් (27 දා* ක්‍ෂණික ප‍්‍රතිදේහ පරීක්‍ෂණයට යොමු කිරීමට නියමිත බවත් හඳුනාගත් ආසාදිතයන් යටියන සහ ඒ අවට පදිංචිකරුවන් බවත් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්‍ෂක අරුණ රන්දෙණිය මහතා පැවැසීය. එම කර්මාන්ත ශාලාවේ හිමිකරුද ආසාදිතයකුවන අතර මුව ආවරණ බෙදාහැරීම නවතා දමා කර්මාන්ත ශාලාව තාවකාලිකව වසා දැමීමට සෞඛ්‍ය බලධාරීන් සහ පොලිසිය කටයුතු කර තිබේ.

More from GossipMore posts in Gossip »