“ලංකාවේ හැම තැනම ට්‍රයි කළා. අපිට දැඩි සත්කාර ඒකකයක ඇඳක් හොයා ගන්න බැරි වුණා,”
දැඩි සත්කාර ඒකකයක ඇඳක් නොමැතිව මාවනැල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකුගේ සොහොයුරෙකු මියගිය බව කෑගල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පවසයි.
වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (27) කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති හදිසි කොවිඩ් කමිටු රැස්වීමේදී විමසු ප්‍රශ්නයකට පිළිතුරු සපයමිනි.
“ලංකාවේ හැම තැනම ට්‍රයි කළා. අපිට දැඩි සත්කාර ඒකකයක ඇඳක් හොයා ගන්න බැරි වුණා,” යනුවෙන් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා පැවසීය.
මාවනැල්ල මුලික රෝහලේ කොවිඩ් -19 ආසාදිත පුද්ගලයන් සඳහා ප්‍රථිකාර ලබාදෙන වාට්ටුව භාර වෛද්‍යවරයාගේ සොහොයුරා එලෙස හදිසියේ අසනීප වී මාවනැල්ල මූලික රෝහලට රැගෙනවිත් තිබූ අතර පසුගිය 24 වනදා ඔහු ආසාදිතයෙකු බවට තහවුරු වී තිබුණි.
ඊට පසුදින (25) ඔහුට ශ්වසන අපහසුතා සහ සංකූලතා මතුවීම හේතුවෙන් දැඩි සත්කාර ඒකකයක ඇඳක් සොයා ගැනීමට මහත් වෙහෙසක් දැරුවත් එය ව්‍යර්ථ වී ඇත.
පසුව හදිසියේ ඇති වූ හෘදයාබාධ තත්ත්වයක් හේතුවෙන් ඔහු මියගොස් තිබුණි.
ඒ අනුව වෛද්‍ය කුමාර වික්‍රමසිංහ මහතා සඳහන් කළේ පවතින තත්ත්වය පිළිබඳව ජනතාව මීට වඩා දැඩි සැලකිල්ලක් යොමු කළ යුතු බවය.






