Press "Enter" to skip to content

දොඩන්ගොඩ ඇඟළුම් කම්හලක ආසාදිතයින් 20ක්

කර්මාන්ත ශාලාවේ සේවකයින් 134දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කළ අතර, ඉන් 20දෙනෙකුට කොවිඩ්

කොවිඩ් ආසාදිතයින් පිරිසක් හදුනාගැනීමත් සමග කළුතර දොඩම්ගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් තාවකාලිකව වසා දමා තිබේ.

කළුතර ප්‍රා‌දේශීය පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. ජී. සිංහබාහු මහතා පැවසුවේ එම කර්මාන්ත ශාලාවෙන් කොවිඩ් ආසාදිතයින් විසිදෙනෙකු හදුනාගත් බවයි.

එම ආසාදිතයින් කළුතර, මතුගම, දොඩන්ගොඩ සහ බේරුවල යන ප්‍රදේශවල පදිංචිකරුවන්වේ.

අදාළ කර්මාන්ත ශාලාවේ සේවකයින් 134දෙනෙකු පී.සී.ආර්. පරීක්ෂණ වලට යොමු කළ අතර, ඉන් 20දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ.

ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් සියයකට ආසන්න පිරිසක් වෙනුවෙන් පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිත බව ආර්. ජී. සිංහබාහු මහතා පැවසීය.

More from GossipMore posts in Gossip »