Press "Enter" to skip to content

පුතුගේ උපන් දිනයට ගුරු අම්මාගෙන් මත් සාදයක්

“සෙට් එකක් වේග රිද්මයට ඩාන්ස් කරද්දි ඉතිරි අය මත්ද්‍රව්‍ය පානය කරලා.” – පුතුගේ උපන් දිනයට ගුරු අම්මා දුන්නු මත් සාදය කෙළවර වුණු හැටි

තම පුතකුගේ උපන්දිනය නිමිත්තෙන් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ ජාත්‍යාන්තර පාසලක ගුරුවරියක ඇතුළු තරුණ තරුණියන් පහළොස් දෙනකු මත්ද්‍රව්‍ය සමග පාමංකඩ සුඛෝපභෝගී දෙමහල් නිවසකදී අත්අඩංගුවට ගත් බව වැල්ලවත්ත පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් එම පිරිස අතර සැකකාර ගුරුවරියගේ පුතුන් දෙදෙනාද වන බව පොලිසිය කියයි.

තරුණ තරුණියන් සමග අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් හා ගංජා මිලිග්‍රෑම් 2450 මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා උපකරණ ද පොලිසිය බාරයට ගෙන ඇත.

තරුණ තරුණියන් පිරිසක් නිවසකට පැමිණ මත්ද්‍රව්‍ය පානය කරන බවට වැල්ලවත්ත පොලිසියට ලද තොරතුරක් අනුව වහා ක්‍රියාත්මක වූ පොලිසිය මෙම පිරිස අත්අඩංගුවට ගෙන ඇත.

ඉහළ මහලේ සාලයේ මෙම පිරිසෙන් කොටසක් වේග රිද්ම සංගීතයට අනුව නර්තනයේ යෙදෙමින් සිට ඇති අතර,අනෙක් පිරිස මත්ද්‍රව්‍ය පානය කරමින් සිටි බව පොලිසිය කියයි

අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 15 ක් හා ගංජා මිලිග්‍රෑම් 2450 මෙන්ම අයිස් මත්ද්‍රව්‍ය පානය කිරීමට යොදා ගන්නා උපකරණ ද පොලිසිය බාරයට

සැකකාර ගුරුවරියද එම තරුණ තරුණියන් දෙපිරිසටම සහාය වෙමින් විනෝද වෙමින් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය

වයස අවුරුදු 42 ක් වන සැකකාර ගුරුවරියට අමතරව වයස අවුරුදු 18 සහ 23 අතර පසුවන තරුණ තරුණියන් අත්අඩංගුවට ගෙන පරික්ෂා කිරීමේදී ඔවුන් සන්තකයේ පානය කළ මත්ද්‍රව්‍ය වලට අමතරව අයිස් සහ ගංජා මත්ද්‍රව්‍ය තිබී පොලිස් භාරයට ගත් බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය

අත්අඩංගුවට ගත් තරුණ තරුණියන් දෙහිවල වැල්ලවත්ත සහ කොළඹ අවට පදිංචි ජාත්‍යන්තර පාසල්වල අධ්‍යාපනය ලබන්නන් බව පොලිසිය කියයි

More from GossipMore posts in Gossip »