Press "Enter" to skip to content

ඉන්දියානුවන් දින 14 නිරෝධායනයට ලංකාවට පැමිණීම භයානකයි – PHI සංගමයෙන් අනතුරු ඇගවීමක්

” ඉන්දියානුවන්ට යුරෝපා රටවලට ඇතුළුවීම තහනම් කිරීමත් සමග ඔවුන් ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන කාලය සම්පූර්ණ කර යුරෝපා රටවල් වෙත යාමේ ක්‍රියාවලියක් “

දින 14ක නිරෝධායන කාලය ගත කිරීම සඳහා මෙරටට පැමිණෙන ඉන්දියානුවන් හේතුවෙන් මෙරට නිරෝධායන හෝටල් තුළ සේවය කරන සියලුම සේවක සේවිකාවන්ගේ ජීවිත දැඩි අවදානමකට ලක්ව ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

ඉන්දියාවේ පැතිර යන දරුණු කොවිඩ් වසංගතය හේතුවෙන් ඉන්දියානුවන්ට යුරෝපා රටවලට ඇතුළුවීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමත් සමග ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණ දින 14ක නිරෝධායන කාලය සම්පූර්ණ කර යුරෝපා රටවල් වෙත සංචාරය කරන බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එහි සභාපති උපුල් රෝහණ කියයි.

අද ඉන්දියාවේ පවතින කොවිඩ් තත්ත්වය හමුවේ ඉන්දියානුවන්ට නිරෝධායනය සඳහා මෙරටට ඇතුළු වීමට ඉඩ දීම නිසා රටේ මේ වන විට ඇතිව තිබෙන අවදානම් තත්ත්වය තව තවත් උග්‍රවන බැවින් මෙම වැඩපිළිවෙළ පිළිබඳව රජයේ අවධානය වහාම යොමු විය යුතු යැයි හෙතෙම අවධාරණය කරයි.

More from GossipMore posts in Gossip »