මෙම ඡායාරුපය මේ දිනවල සමාජ මාධ්‍යය ඔස්සේ හුවමරු වෙන මොහොතක එම චායාරූපය පිළිබඳව අපූරු කවි පන්තියක් ලියා තිබුනා.
තුන් මාසයයි පුතේ නුඹ කුසට ඇවිදින්
මං ගිහිගෙයින් නික්ම එනවිට රහසින්
කළකිරුණු ජීවිතේ සුවය සොයමින්
නික්මුනා මේ බව සසර කතරින්
අම්මා අඩන්නැති කුසට අත තියමින්
දැනෙන්න ඇති ම නැති අඩුව යහමින්
දොස් නම් නගන්නැති අවලාද නගමින්
උඹ නිසා ඉවසලා ඉන්න ඇති ඉකිබිදිමින්
දන්නෙ නෑ උඹ මේ ලොවට ආ බවක්
බාප්පා මා සොයා කියන තුරු තොරතුරක්
අම්මා ගියාලු මේ ලෝකෙ හැර මහ දුරකථන
පුතුනෙ උඹ බිහිකරලා දරාගෙන දුකක්
දැන් ඉතින් මගෙ දෑතෙ නුඹ තියා රකිමින්
පන්සලත් උඹේ ගෙදර බව නිතර කියන්නම්
දිනෙක මං උඹව ගෙන සසුන වෙත පුදන්නම්
සසර මඟ නිමාකර නිවන අත් විදින්නම්
අන්තර්ජාලය ඇසුරිනි







