Press "Enter" to skip to content

දංකොටුවෙන් කොරෝනා රෝගීන් 55ක්

PCR පරීක්ෂණ 475 කින් 55ක් පොසිටිව්

දංකොටුව සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී බළ ප්‍රදේශය තුළ දින තුනකදි සිදු කළ පී සී ආර් පරීක්ෂණ 475 කින් කොරෝනා ආසාදිතයන් 55 දෙනකු හඳුනාගත් බව සෞඛ්‍ය අංශ කියයි.

මෙම ආසාධිතයන් අතර අනුරාධපුරයේ විනෝද චාරිකාවක් ගිය පිරිසක් සහ පන්නල ප‍්‍රදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි ඇඟඵම් කම්හල් දෙකක සේවක සේවිකාවන් පිරිසක් ද ඒ අතර සිටින බව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.

කිරිමැටියාන, මෝරුක්කුලිය, මැටිකොටුව සහ යෝගියාන යන ප‍්‍රදේශවල පදිංචි එම ආසාධිතයන් ප‍්‍රථිකාර සඳහා රෝහල් ගත කිරීමට කටයුතු කර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් 250 කට වැඩි පිරිසක් මේවනවිට ස්වයං නිරෝධායන සඳහා යොමු කල බවත් සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලය සඳහන් කරයි

More from GossipMore posts in Gossip »