කොරොනා අසාදිත පුද්ගලයන් 62 දෙනකු දක්වා ඉහලට
අලුත්ගම ලංගම ඩිපෝ පරිශ්‍රයේ සහ ධීවර වරාය භුමියේ සිදුකළ පී.සී.ආර් සහ ප්‍රතිදේහ පරීක්ෂාවන් වලදී නව කොවිඩ් ආසාදිතයන් 07 දෙනෙකු වාර්තා වී තිබේ.
මේ අනුව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල බලප්‍රදේශයේ අද (26) දිනට කොරොනා අසාදිත පුද්ගලයන් 62 දෙනකු දක්වා ඉහල ගොස් තිබෙන බව බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක මුදිත අමරසිංහ මහතා සඳහන් කරයි.
මේ අතර පසුගිය සිකුරාදා ආසාදිත ගුරුවරිය හඳුනාගත් අලුත්ගම පාසලේ එම ගුරුවරිය ඉගැන්වීම් කටයුතු කළ පන්ති කාමර තුනෙහි සිසුවියන් හෙට (27) දින පී.සී.ආර් පරීක්ෂණ සිදුකිරීමට නියමිතය.






