Press "Enter" to skip to content

තවත් 892දෙනෙකුට කොවිඩ්

මේ දක්වා හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 102,271ක් දක්වා ඉහළට

කොවිඩ්-19 වෛරසය ආසාදනය වූ ආසාදිතයින් 892දෙනෙකු අද (26) දිනයේ මේ වන විට හඳුනාගෙන ඇති බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

ඒ අනුව මෙරටින් මේ දක්වා හදුනාගෙන ඇති කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 102,271ක් දක්වා ඉහළ ගොස් ඇත.

එම ආසාදිතයින් ගෙන් 94,577දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇති අතර, ආසාදිතයින් 7050දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි.

කොවිඩ් ආසාදනයවීමෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 644කි.

More from GossipMore posts in Gossip »