දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ රැඳවුම් නියෝගයක් ලබාගන්න කටයුතු කරනවා
පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයේදී මියගිය මරාගෙන ත්රස්තවාදීන්ට ආධාර සහ අනුබලදීමේ චෝදනාවට අත්අඩංගුවට ගෙන සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදුයුදීන් සහ ඔහුගේ සොහොයුරු රියාජ් බදුයුදීන් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමේ රැඳවුම් නියෝගයක් ලබාගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.
ඔවුන් දෙදෙනා සම්බන්ධයෙන් 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැලැක්වීමේ විශේෂ විදිනිදාන පනතේ 9.1 වගනිත්ය යටතේ දින 90 ක් රදවාගෙන ප්‍රශ්න කිරීම සඳහා නියෝගයක් ලබාගැනීමට නියමිත බවත් ත්‍රස්තවාදය වැලැක්වීමේ විශේෂ විධිවිදාන පනතේ 6.1 වගන්තිය යටතේ පැය 72 ක රැඳවුම් නියෝග මේ වන විටත් ලබාගෙන ඇති බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.
මෙම සැකකරුවන් දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ රඳවාගෙන ප්‍රශ්න කරනගෙන යන බවත් නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය.කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී නියෝජ්‍ය පොලිස්පතිවරයා එසේ පැවසීය.
Published in Political