දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ සිදුකරන ලද පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 42ක්
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වසා දැමීමට කටයුතු කර තිබේ.
එම මධ්‍යස්ථානයේ සිදුකරන ලද පරීක්ෂණවලදී කොරෝනා ආසාදිතයන් 42 දෙනකු හඳුනා ගැනීමේ හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ඒ අනුව අද දිනයේ සිට දින තුනක කාලයක් ආර්ථික මධ්‍යස්ථානය වසා දමන බව සෞඛ්‍ය බලධාරීන් නිවේදනය කරයි.






