Press "Enter" to skip to content

මළ ගෙදරකින් කොවිඩ් පොකුරක් – ආසාදිතයන් 12ක්

මාස 10 හා අවුරුදු දෙකහමාරක බිළිඳුන් දෙදෙනකු ද ඒ අතර

අලුත් අවුරුදු සමයේ දී, කහතුඩුව සුමන මාවත ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක් පැවැති නිවෙසකින් කොරෝනා ආසාදිතයකු වාර්තා වීම නිසා සිදුකළ පී.සී.ආර් පරීක්ෂණයේදී , එම නිවෙසට ආ ගිය බව කියන ආසාදිතයාගේ මිතුරන් දොළොස් දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබූ බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ධනුක පත්මරාජ මහතා පැවසීය.

ඒ හේතුවෙන් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් සිය දෙනකු ඉලක්ක කරගනිමින් ඉකුත් 24 දා පී.සී.ආර් පරීක්ෂණයක් සිදු කළ බව ද සෞඛ්‍යය වෛද්‍ය නිලධාරීවරයා කීය .

ඉකුත් 14 දා සිට මේ දක්වා කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශයෙන් රෝගීන් පනස් අට දෙනෙකු වාර්තාවී ඇති බවත් ඉන් රෝගීන් 45 දෙනෙකු පමණ වයස අවුරුදු 50 අඩු පුද්ගලයින් බවත් පැවසේ .

ඉන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත්තේ මත්තේගොඩින් එකොලොස් දෙනකු සහ කහතුඩුවෙන් දොළොස් දෙනකු ලෙසයි.

ඒ අතර මාස 10 හා අවුරුදු දෙකහමාරක බිළිඳුන් දෙදෙනකු ද සිටින අතර පවුල් දෙකක රෝගීන් පස්දෙනා බැගින් වාර්තා වී තිබේ .

මෙම ආසාදිතයන්ගේ පවුල් වල 200කට ආසන්න පිරිසක් මේ වන විට ගෘහස්ථ නිරෝධායනයට ලක් කර ඇති අතර ඔවුන් ඉදිරියේදී කොවිඩ් පරීක්ෂණයට ලක් කිරීමට නියමිත බව වෛද්‍ය ධනුක පතිරාජ මහතා වැඩිදුරටත් කීය.

More from GossipMore posts in Gossip »