Press "Enter" to skip to content

පාසල් දෙකක සිසුවියෝ දෙදෙනෙකුට කොරෝනා

ඉදිරි දිනයේ ආශ්‍රිතයන් පී.සී.ආර් පරික්ෂණයට

හේනේගම පාසල් දෙකක සිසුවියන් දෙදෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි හේනේගම මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.ටි.ඩී.සුරවීර මහතා 25දා පැවසීය.

හේනේගම පාසලක හා විලිබුල ප්‍රදේශයේ පාසලක සිසුවියන් දෙදෙනකුට මෙලෙස වයිරසය ආසාදනය වී ඇත.

එක් සිසුවියක පසුගියදා ඇගේ උපන්දිනය වෙනුවෙන් සාදයක් ද පවත්වා ඇති බවත් ඒ හේතුවෙන් ඇගේ සමීපතම පවුල් දහයක් නිරෝධායනයට ලක් කළ බව ද පැවසුවේය

හේනේගම ප්‍රදේශයේ සිසුවියගේ පවුලේ සාමාජිකයින් තිදෙනකු ද වයිරසය ආසාදන වී ඇති බව ඒ මහතා කීවේය

ඉදිරි දිනයේ ආශ්‍රිතයන් පී.සී.ආර් පරික්ෂණයට යොමු කරන බව ද සෞඛ්‍ය අංශ කියයි.

More from GossipMore posts in Gossip »