ජෙසිකා කෝක්ස් යනු දෑත් අහිමි ලොව පළමු බලපත්‍රලාභී ගුවන් නියමුවරියයි.
1983 දී ඇමෙරිකාවේ උපත ලබන ඇය උපතින්ම ආබාධ සහිත නමුත් ඇයගේ හෙට දවස තීරණය කිරීමට එය කොහෙත්ම බාධාවක් වෙන්නේ නෑ .

ජිම්නාස්ටික් ක්‍රීඩාව හදාරන්නත් ,සර්ෆ් සහ පිහිනීම වැනි හැකියාවන් වර්ධනය කරගන්නත් ඇය සමත් වෙන්නේ වයස අවුරුදු තුනේ සිටයි.
වයස අවුරුදු 14දී ටයිකොන්ඩෝ ක්‍රීඩාව වෙනුවෙන් කළු පටි දිනා ගැනීමට ඇය සමත් වෙනවා.

වසර තුනක පුහුණු කාලයකින් පසුව 2008 වසරේදී ගුවන් නියමුවරියක ලෙස ඇය පියාසර සහතිකය ලබන්නේ ගිනස් වර්තාවකටද හිමිකම් කියමින්.
අද වන විට ඇය රටවල් 20ක පමණ සංචාරය කරමින් ධනාත්මක දේශන බෙදාහරින මනෝ විද්‍යා දේශකයෙකු ලෙසද කටයුතු කරනවා.
හැකියාවන් රැසකින් පිරිපුන් ජෙසිකා ඒ සියල්ල තුලිත් කියාපාන්නේ උත්සහය සහ කැපවීමයි.








