Press "Enter" to skip to content

දුම්රියේ හැපී පෙම්වතිය මරුට : පෙම්වතා දැඩි සත්කාර ඒකකයට

ජාඇළ උතුරු කුඩහකපොළ දුම්රිය හරස් පාර හරහා තරුණ පෙම්යුවළක් ගමන් ගත් යතුරු පැදියක් දුම්රියක ගැටී තරුණිය මියගොස් තරුණාය තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.

තරුණයා දැනට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව රෝහල් ප්‍රකාශකයෙක් කීය .

පෞද්ගලික ආයතනයක මුදල් අයකැමිවරියක ලෙස කටයුතු කළ තරුණියක මෙසේ මියගොස් ඇත.

මෙම තරුණ යුවළ විවාහ ගිවිස ගෙන ඇති අතර විවාහ මංගල උත්සවයට සූදානමින් සිටි බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

අනතුර සිදු වූ බව කියන දුම්රිය හරස් මාර්ගයේ විදුලි සංඥ පුවරු තිබුණද දුම්රිය ගේට්ටුවක් නොමැති බව ප්‍රදේශවාසීහු කියති.

More from GossipMore posts in Gossip »