Press "Enter" to skip to content

කැස්බෑවේන් ආසාදිතයින් 97ක් – සුපිරි වෙළෙඳසැළ් 2කුත් වසයි

කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් ඊයේ පුද්ගලයන් 112 දෙනෙකු සඳහා සිදුකළ PCR පරීක්ෂණවල ප්‍රතිඵල අනුව ආසාදිතයන් 65 දෙනෙකු හඳුනාගෙන ඇතැයි කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

ඒ අනුව කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් දින 5ක් තුළ සිදුකළ PCR පරීක්ෂණ 164 කින් වාර්තා වී ඇති සමස්ත රෝගීන් සංඛ්‍යාව 97කි.

ඒ අතර රජයේ සුපිරි වෙළෙඳසැළක රෝගීන් දෙදෙනකු ද පෞද්ගලික සුපිරි වෙළෙඳසැළක රෝගීන් 8 දෙනෙකු ද වාර්තා වී තිබේ.

එම සුපිරි වෙළෙඳසැළ් 2 වසාදමා ඇති අතර වාර්තා වූ රෝගීන් 97 දෙනාට සම්බන්ධ ආශ්‍රිතයින් 300 දෙනෙකු මේ වනවිට ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගත් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සමන්තිකා විජේසුන්දර මහත්මිය පැවසුවාය.

මෙම ආශ්‍රිතයින් ලබන අඟහරුවාදා PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිතය.

More from GossipMore posts in Gossip »