Press "Enter" to skip to content

කොරෝනා අවදානම නොතකමින් නුවරඑළිය සංචාරකයින්ගෙන් පිරී යයි

කොවිඩ් සීඝ්‍රයෙන් පැතිර යාම හේතුවෙන් මෙම සති අන්තයේ විනෝද චාරිකා නොගොස් නිවසට වී සිටින ලෙස සෞඛ්‍ය අංශ දැනුම් දී තිබිය දීත් අද(24) දිනයේ නුවරඑළියට විශාල දේශීය සංචාරකයින් පිරිසක් පැමිණ ඇති බව වාර්තා වේ.

නුවරඑළිය මහ නගර සභාව විසින් පවත්වන වසන්ත උදානයට සමගාමිව අද දිනයේත් තරග රැසක් පැවැත් වු අතර එම තරග නැරඹිමට විශාල පිරිසක් පැමිණ තිබේ.

නුවරඑළිය ග්‍රෙගරි වැව ආශ්‍රිතවද දේශිය සංචාරකයන් විශාල පිරිසක් රැඳී සිටින අතර නුවරඑළිය නගර සභා සීමාවේ පිහිටි නිවාඩු නිකේතන ද විශාල වශයෙන් දේශිය සංචාරකයන් නවාතැන් ගෙන සිටින බව වාර්තා වේ.

More from GossipMore posts in Gossip »