Press "Enter" to skip to content

මම මැරයෙක් නෙවෙයි – ‘චොකා’ කියන්නේ හැමදාම චොකලට් කාපු නිසා

තමන්ට චොකා මල්ලි යැයි කියන්නේ පාසල් යන කාලේ පියා විසින් දුන් මුදල් වලින් හැමදාම චොකලට් කෑ නිසා බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා සඳහන් කරයි.

තමන්ට‍ පියා දිනපතා පාසැල් යන විට රුපියල් 200ක් දුන් බවත් එම මුදලින් වැඩිපුරම කන්නේ චොකලට් බව මන්ත්‍රීවරයා පැවසීය.

‘චොකා මල්ලි’ නම වැටුණේ එනිසා බවත් තමන් මැරයෙක්, පාතාල නායකයෙක් නොවන බවද ඔහු සඳහන් කළේය.

විපක්ෂ මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා විසින් කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.