එළැඹෙන සති තුනක කාලය ඉතා අවදානම් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
පසුගිය දිනවල ජනතාව හැසිරුණු ආකාරය හේතුවෙන් රට තුළ නැවත වරක් කොවිඩ් වෛරසය ව්‍යාප්ත වීමේ අවදානමක් මතුව ඇති බව ඒ මහතා පවසයි.
සති අන්තයේ විනෝද චාරිකා යෑමෙන් වැළකි සිටින ලෙසද විවිධ උත්සව සංවිධානය කිරීමෙන් වැළකී සිටින්නැයි ද යුද හමුදාපතිවරයා ජනතාවට දැනුම් දෙයි.
මේ අතර මෙරටින් වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 98,050 දක්වා ඉහළ ගොස් තිබේ.ඒ, නව ආසාදිතයින් 516 දෙනෙකු ඊයේ හඳුනා ගැනීමත් සමගිනි.






