Press "Enter" to skip to content

පිළියන්දලින් කොරෝනා ආසාදිතයින් 87ක්

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් අසූ හත් දෙනකු අද (23) දා වාර්තා වූ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පවසයි.

මෙම රෝගීන් ඇරැව්වල,බෝකුන්දර,ගොරකපිටිය,රත්මල්දෙනිය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂක වසම් කිහිපයකින් මෙසේ වාර්තා වී ඇත .

ඒ අතර එකම පවුලේ සහෝදර සහෝදරියන් දාහතර දෙනකු ද වන බව ද වාර්තා වෙයි

පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බල ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් තිස් එක් දෙනකු ඉකුත් 18 දා වාර්තා වී තිබු අතර ඔවුන්ගේ ආශ්‍රිතයෙන් එකසිය නම දෙනකු ඉලක්ක කරගනිමින් (22) දා සිදුකල පී.සී.ආර් පරීක්ෂණයෙ ප්‍රතිඵලය අද (23)දා ලැබී තිබූ අතර ඒ අනුව මෙම ආසාදිතයින් අසූ හත් දෙනා වාර්තා වූ බව කියයි.

ඒ අනුව මෙම ආසාදිතයින්ගේ පවුල්වල ආශ්‍රිතයින් දෙසීයකට ආසන්න පිරිසක් මේ වනවිට ගෘහස්ථ නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ආශ්‍රිතයින් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කිරීමට ද පියවර ගෙන ඇතැයි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

More from GossipMore posts in Gossip »