තවත් ග්‍රාම නිලධාරී වසම් දෙකක් මේ මොහොතේ සිට හුදෙකළා කරන බව යුද හමුදාපතිවරයා ප්‍රකාශ කළා.
මෙලෙස හුදෙකළා කර ඇත්තේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිරාවිය සහ නිකදළුපොත යන ග්‍රාමනිලධාරී වසම් බවයි සඳහන් වන්නේ.
කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යාමත් සමඟ කුරුණෑගල, කුඹුක්ගැටේ පොලිස් බල ප්‍රදේශයට අයත් තිත්තවැල්ගාල ග්‍රාම නිලධාරී වසමද මීට පෙර හුදෙකලා කෙරුණා.
මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් කුලියාපිටිය පොලිස් වසම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට හුදෙකළා කෙරුණා.
මේ අතර, කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපා ඇති කොවිඩ් අවදානම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා වයඹ පළාත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් ද පැවැත්වුණා.
එසේම මේ වනවිට අවුරුදු සමයෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම ඉහළ යාමට හේතුව නව ප්‍රභේදයක්ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.






