Press "Enter" to skip to content

විවාහකයෝ හා අවිවාහකයෝ ගැටී කොවිඩ් පොකුරක් සදයි

පයාගල නාගහ දූව ප්‍රදේශයේ පසුගිය දා පැවැත්වූ විවාහක අවිවාහක ක්‍රිකට් තරඟයෙන් අනතුරුව තවත් පුද්ගලයන් 11දෙනකුට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව කළුතර නාගොඩ මහ රෝහලේ අධ්‍යක්ෂක ඇති බව වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි.

එම ආසාදිතයින් හඳුනා ගැනීමත් සමඟ බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශයේ සමස්ත ආසාදිතයන්ගේ සංඛ්‍යාව 27 දක්වා ඉහළ ගොස් ඇති බව වෛද්‍ය තමර කළුබෝවිල මහතා පවසයි.

මේ වන විට ඒ ප්‍රදේශයේ පවුල් 11 ක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති අතර ක්‍රිකට් තරගයට සහභාගි වූ පුද්ගලයන් සහ ඔවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් එළඹෙන 26 වැනි දින පී.සී.ආර් පරීක්ෂණයට යොමු කිරීමට නියමිත බව අධ්‍යක්ෂකවයා සඳහන් කරයි.

More from GossipMore posts in Gossip »