Press "Enter" to skip to content

කළුතර ගමක කොවිඩ් ආසාදිතයින් 17ක්, පවුල් රැසක් නිරෝධායනයට

කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, හොරගස්කැලේ ග්‍රාමයේ 17 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අංශ පවසති.

එම ග්‍රාමයෙහි පළමු ආසාදිතයා වාර්තා වී ඇත්තේ පසුගිය 16 වැනිදාය.

අනතුරුව ඔහුගේ ආශ්‍රිතයින් සම්බන්ධයෙන් කළ PCR පරීක්ෂණ මගින් අනෙක් ආසාදිතයින් හමුවී තිබේ.

මේ වනවිට එම ගම්මානයේ නිවාස 52ක ජීවත්වන පුද්ගලයින් 200කට අධික පිරිසක් නිරෝධායන කිරීමට පියවර ගත් බව දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. සී. සිංහබාහු පැවසීය.

More from GossipMore posts in Gossip »