Press "Enter" to skip to content

දැරියක කෙළෙසූ නරුමයා අත්අඩංගුවට ගැනීමට යාමේදී කැලයට පැන ගෙල වැලලා ගනී

පාසල් ශිෂ්‍යාවක් ලිංගික අතවරයට ලක් කිරීමේ චෝදනාවකට ලක්වූ පුද්ගලයකු (17 දා) ගෙල වැලලාගෙන සියදිවි නසා ගැනීමක් සම්බන්ධයෙන් පින්නවල පොලිසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබේ.

බළන්ගොඩ, පින්නවල, විවාහක පුද්ගලයකු මෙසේ මියගොස් ඇති බව හඳුනාගෙන ඇත.

වයස අවුරුදු 17 පමණ වන පාසල් දැරියට කීප විටක්ම බිය ගන්වා ලිංගික අතවර කළ බවට තොරතුරු ලැබී තිබේ. මේ පිළිබඳව දැරියගේ මව විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට යද්දී පොලිසිය මගහැර ගොස් කැලෑ ප‍්‍රදේශයකදී ගෙල වැලලාගෙන ඇත.

මෙම ස්ථානයේ නිරීක්‍ෂණය සඳහා බළන්ගොඩ මහෙස්ත‍්‍රාත්වරයා ඊයේ (18 දා) යාමට නියමිතව තිබිණි. පින්නවල පොලිසියේ ස්ථානාධිපති ප‍්‍ර.පො.ප. එස්. පී. අමරතුංග මහතාගේ ප‍්‍රධානත්වයෙන් පරීක්‍ෂණ සිදු කෙරේ. මේ වනවිට අතවරයට ලක්වූ පාසල් සිසුවිය බළන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය සඳහන් කළේය.

පින්නවල පොලිිසයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. උපාලි, පො.කො. (69967) මස්සැන්න, පො.කො. (73847) කි‍්‍රෂ්ණ යන නිලධාරීහු වැඩිදුර පරීක්‍ෂණ සිදු කරති.

More from GossipMore posts in Gossip »