අවුරුදු සමයේ ඇතැම් පුද්ගලයින් සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය නොකිරීම හේතුවෙන් ඉදිරි සති කිහිපයේදී කොරෝනා රෝගීන්ගේ යම් කිසි වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර අද පැවති මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ සකරුණු දැක්වූවා.
මේ අතර කුරුණෑගල, ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ තිත්තවැල්ගාය ප්‍රදේශයට සංචරණ සීමා පනවා තිබෙනවා. ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පැවසුවේ, තිත්තවැල්ගාය ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 29 දෙනෙකු හමුවීමත් සමග එම තීරණය ගත් බවයි.
එම ප්‍රදේශයේ පවුල් 64ක පුද්ගලයින් 267 දෙනෙකු මේ වනවිට නිරෝධායනයට යොමු කර තිබෙනවා.






