Press "Enter" to skip to content

කුරුණෑගල කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක්

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නැවත වරක් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාවේ ඉහළ යාමක් පෙන්නුම් කරන බවට සෞඛ්‍ය බලධාරීන් අනතුරු හඟවති.

ගනේවත්ත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බළ ප්‍රදේශයෙන් පෙරේදා (15) දිනය වනවිට පමණක් කොරෝනා ආසාදිතයින් 32 ක් සහ ඉබ්බාගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය බළ ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් 06 ක් වාර්තා වී තිබේ.

ඉබ්බාගමුව ප්‍රදේශයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් හය දෙනාම ඉබ්බාගමුව තැපැල් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයන් බව පැවසේ.

මෙම අවදානම් තත්ත්වය හමුවේ එම තැපැල් කාර්යාලයද තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන තිබේ.

අනෙක් ආසාදිතයින් ගනේවත්ත තිත්තවැල්ගාල,වේදෙනිය හුනුපොළ සහ කුඹුක්ගැටේ ප්‍රදේශ වලින් වාර්තා වී ඇත. ⁣

මෙය මෑත කාලයේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලෙසද සැලකේ.

More from GossipMore posts in Gossip »