Press "Enter" to skip to content

ඊයේ වැඩි ම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන්

ඊයේ (අප්‍රේල් 16) දිනය තුළ මෙරටින් කොරෝනා ආසාදිතයින් 237 දෙනෙකු හඳුනාගෙන තිබේ.

ඒ අතරින් වැඩි ම ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වන්නේ කළුතර දිස්ත්‍රික්කයෙනි. ඒ, 23 දෙනෙකි.

තව ද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 21 දෙනෙකු සහ රත්නපුර දිස්ත්‍රික්කයෙන් 20 දෙනෙකු වශයෙන් ආසාදිතයින් හඳුනාගෙන ඇත.

ඉතිරි ආසාදිතයින් 78 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට කොරෝනා දෙවන රැල්ලට අදාළ ආසාදිතයින් සංඛ්‍යාව 90,852ක් වන අතර සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 96,186 දක්වා ඉහළ ගොස් ඇත.

මේ අතර, ඊයේ දිනය තුළ මෙරටින් මරණ 7ක් වාර්තා වී තිබේ.

ඒ අනුව, මෙරට සමස්ත කොරෝනා මරණ සංඛ්‍යාව 615ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා තහවුරු කළේ ය.

More from GossipMore posts in Gossip »