Press "Enter" to skip to content

මහලු නිවාසයෙන් අවුරුද්දට ගෙදර ආ මවට හොඳටම ගහලා… ඥාති පිරිසක්‌ අත්අඩංගුවට

මහලූ නිවාසයක ජීවත්ව ඇති හැත්තෑ දෙහැවිරිදි මවක් සිංහල හා හින්දු අලූත් අවුරුද්ද දා පිටිගල පොලිස් වසමට අයත් ගොඩාමුණ ප‍්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණි මොහොතේ ඥාති දරු මුණුබුරන් විසින් පහරදීම නිසා බරපතළ තුවාල ලබා ඇල්පිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇත.

ගුණවතී කරුණාරත්න නමැති මෙම වයෝවෘද්ධ මව ඇයගේ නැ`ගණියගේ දියණියගේ නිවසට ගිය අතරේ එම නිවසේ සිටි ඥාති දියණිය හා දියණියගේ සැමියා සහ මුණුපුරන් මෙලෙස ඇයට පහරදී බරපතළ තුවාල සිදුකර තිබේ.

මෙම සිද්ධිය සැලවීමත් සමග පිටිගල පොලිස් ස්ථානාධිපති මහේෂ් කරුණාරත්න මහතා නිලධාරි කණ්ඩායමක් සමග අදාළ නිවස වෙත ගොස් මෙම වයෝවෘද්ධ මව බේරාගෙන 1990 ගිලන් රථයක් ඔස්සේ රෝහලට ඇතුළත් කර ඇත. පහරදීම සිදු කළ ඥාති දියණිය හා ඇයගේ සැමියා ඇතුළුව හතර දෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් ඇල්පිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

auruddata222
More from GossipMore posts in Gossip »