තිස්සමහරාම ස`දගිරිගම, බණ්ඩක්කා යාය ප්‍රදේශයේ කුඹුරක වාඩියක් තුළදී, අනියම් සැමියා එල්ල කළ පොලූ පහරකින් 48 හැවිරිදි සිව්දරු මවක් සිහිසුන්ව ඇද වැටී මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ තිස්සමහරාම පුංචි අකුරුගොඩ, ටිකිරිගොඩාන ප්‍රදේශයේ පදිංචිව සිටි සුව`දහැන්නදිගේ මල්ලිකා නමැති අයයි.
මියගිය කාන්තාව ඉකුත් 12 දා රාත්‍රී තම නිවසේ සිට සඳගිරි ගම ප්‍රදේශයේ පිහිටි අනියම් සැමියාගේ කුඹුරේ පිහිටි වාඩියට ගොස් තිබේ. එහිදී කිසියම් කරුණක් සම්බන්ධයෙන් ඇය හා අනියම් සැමියා අතර ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යෑමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මියගිය කාන්තාවගේ සිරුර සැකකාර අනියම් සැමියා විසින්ම තිස්සමහරාම මූලික රෝහලට රැුගෙන විත් ඇති අතර එහිදී වෛද්‍යවරු පරීක්ෂා කර බලා එම කාන්තාව මියගොස් ඇති බව පවසා තිබේ.
මියගිය කාන්තාවගේ මහෙස්ත්‍රාත් පරීක්ෂණය තිස්සමහරාම වැඩබලන මහෙස්ත්‍රාත් ගාමිණී ආනන්ද මහතා විසින් සිදු කරන ලදී.
එහිදී සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස වැඩබලන මහෙස්ත්‍රාත්වරයා තිස්සමහරාම පොලිසියට නියෝග කළ අතර එම නියෝගයට ඇනුව සැකකරු පොලිස් අත්අඩංගුවට ගෙන තිස්සමහරාම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණ නියෝග මත රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තිස්සමහරාම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.






