Press "Enter" to skip to content

මට දැන් BMW දැකලම එපා වෙලා, මට දැන් Benz එකකුයි ඕනේ – සංජානා

සංජානා ගමආරච්චි කියන්නේ අපේ කළා ක්ෂේත්‍රයේ ඉන්න බොහෝ රසික පිරිසක් ආදරය කරන සුන්දර රංගන ශිල්පිනියක් කිවුවොත් හරියටම හරි. ඇය කා අතරත් අතිශයින්ම ජනප්‍රිය උනේ ස්වාධීන රුපවාහිනේ විකාශනය වුනු ජීවිතය ඇති තුරා ටෙලිනාට්‍ය හරහායි.

ඇයගේ පළමු ටෙලිනාට්‍යයෙන්ම බොහෝ දෙනෙක් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වුණු වගේම ලංකාවේ තරුණයින්ගේ ආකර්ෂණය දිනාගන්න සමත්වුණු මේ සුරූපී රංගන ශිල්පිනිය මේ දිනවල ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශනය වන අග්නි පියාපත් නාට්‍යයේ අසනි නමින් ප්‍රධාන චරිතයක් රඟපානවා.

ඊට අමතරව ස්වාධීන රුපවාහිනී නාලිකාවේ විකාශනය වන බ්‍රෝ ටෙලිනාට්‍යයේද ඇය රංගනයෙන් දායක වෙනවා. ඉතින් ඒ වගේම තවත් ටෙලිනාට්‍ය හතරකම මේ දිනවල රංගනයෙන් දායකවන මේ සුන්දර රුවැත්තිය මේ වනවිටත් අපේ කළා ක්ෂේත්‍රයේ දිදුලන තරුවක් වී හමාරයි.

ඉතින් ඇත්තටම ඇයගේ සුන්දරත්වය නිසාම දකින කාට උනත් හිතාගන්න අමාරුයි මේ ඉන්නේ ලංකාවේ නිළියක්ද ඉන්දියාවේ නිළියක්ද කියලා. ඒ තරම්ම ඇය ලස්සන තරුණියක් කියලා කියන්න පුළුවන්. ඉතින් දෙරණේ මුතුලේන්දොර ටෙලි කතාවෙනුත් අපිට මැයව දැකගන්නට ලැබුණා.

ඉතින් සංජානා පසුගිය දවස්වල වැඩියෙන්ම කතා බහට ලක්වුණේ දෙරණ චැම්පියන්ස් ස්ටාර්ස් වැඩසටහනේදී ඇයට එකක් තියෙන පෙම්වතෙක් ඕනෑ යැයි පැවසූ නිසායි. සමාජ මාධ්‍ය දෙවනත් කරන්න ඇයට හැකිවුණා ඒ සමගින්ම.

ඉතින් මේ පාර අවුරුද්දට දෙරණ රූපවාහිනිය ඉදිරිපත් කල දෙරණ තරුවරණය 2021 වැඩසටහනේදී විශ්ව ඇගෙන් විමසූ පැනයකට බැරිම තැන සංජානා නම් කිව්වේ ” මට දැන් නම් BMW දැකලම එපා වෙලා. දැන් මට බෙන්ස් එකකුයි ඕනේ” කියලයි.

More from GossipMore posts in Gossip »