Press "Enter" to skip to content

නයි අල්ලන පොලිස් කොස්තාපල්

වඳුරඹ, ලේලවලවත්තේ, අංක 2 කොටසේ බෙනයක සිටි නයි පැටව් 42ක් වඳුරඹ පොලිසියේ කොස්තාපල් අමිල මධුසංක මහතා විසින් අද (15) දහවල් අල්ලා කොට්ටව කැලයට මුදා හැරිමට කටයුතු කළේය.

මෙසේ නයි අල්ලා ගැනීමට හේතුව පිළිබඳ කරුණු පැහැදිලි කරමින් අමිල මධුසංක මහතා මෙසේ කිය.

“මම මිට පෙරත් නයි අල්ලා කැලයට මුදා හැර තිබෙනවා. ලේලවලවත්තේ බෙනයකින් නයි පැටව් එළියට එන බවත් මේ නිසා තමන් බියට පත්ව සිටින බවටත් එම ප්‍රදේශයේ මිනිසුන් ඇවිල්ල කිව්වා. පස්සේ මම ගිහිල්ලා බැලුවා. ඒ වන විටත් නයි පැටව් කිහිප දෙනෙක් එලියට ගිහිල්ලා තිබුණා. මම ඉතිරි නයි පැටව් ටික අල්ලාගෙන ආවා. එතැන නයි පැටව් 42ක් සිටියා. මම මීට පෙර නයි පැටව් තුන් හාර සීයක් විතර අල්ලල කැලයට මුදා හැරල තියෙනවා. මේ නයි පැටව් ටිකත් කොට්ටව කැලයට මුදා හරිනවා.”

More from GossipMore posts in Gossip »